ශ්‍රී ලාංකික විවාහක රූ රැජිණ ලෙස මීට පෙර කිරුළ දිනාගත් කැරොලින් ජූරි(Caroline Jurie), 2020 වසරේ ලෝක විවාහක රූ රැජිණ ලෙස ඇමරිකාවේ ලාස්වේගාස්හිදී කිරුළ දිනාගත්තාය.
1984 දී ලෝක විවාහක රූ රැජිණ ලෙසින් කිරැළ දිනාගත් රෝසි සේනානායකට පසුව ශ්‍රී ලාංකික කාන්තාවක් ලෝක විවාහක රූ රැජිණ වූ පළමු අවස්ථාව මෙයයි.
ලෝකයේ විවිධ රටවල තරග කාරියන් 51 දෙනකු අතුරින් ඇය මෙම කිරුළ දිනාගත් අතර ශ්‍රී ලංකාවේ ප්‍රවීණ මෝස්තර නිර්මාණකරුවෙකු වන චන්දිමාල් ජයසිංහ මෙම ජයග්‍රහණය පිටුපස සිට ඇති ශක්තියයි.
තරගාවලියේ දෙවැනි ස්ථානය අයර්ලන්ත රූ රැජිණටත්, තෙවැනි ස්ථානය ඇමරිකාවේ වර්ජින් දුපත් හි රූ රැජිණටත් හිමිවිය.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර ලෝක විවාහක රූ රැජිණ තරගාවලියට ඉදිරිපත්වී එහි කිරුළ හිමිකරගත් කැරොලයින් ජූරි වෙත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද සිය සුබ පැතුම් එක්කර තිබේ.
සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් “වසර 35 කට පසු මෙම ජාත්‍යන්තර ගෞරවය මව්බිමට රැගෙනවිත්, ශ්‍රී ලාංකිකයන් හැටියට අප සැමට ආඩම්බරයක් එක් කළ ඔබට තුති,” යනුවෙන් ඔහු සඳහන් කර ඇත.
1992 ඔක්තොම්බර් 5 දින උපත ලබා ඇති කැරොලින් ජූරි මේ වන විට 27 හැවිරිදි වියේ පසුවනවා. ඇගේ ස්වාමි පුරුෂයා ද සමගින් මේ වන විට ඩුබායි රාජ්‍යයේ පදිංචිව සිටිනවා. ඇය මීට පෙර ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ ෙලෙස කිරුළු පැළඳ තිබෙනවා.

