දේශීය පුවත්

ඇමති සැප අත් නොහැරි ඇමතීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරයි

යහපාලන රජයේ ධූර දැරූ කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරු රැසක් නිල නිවාස හා නිල වාහන බාර දී නැති බව “රිවිර” මීට පෙර වාර්තා කළා. අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද (08) වන තෙක්ම අදාළ රාජ්‍ය දේපළ නැවත බාර දී නැති බව ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා “රිවිර”ට ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාශය තීරණය කර ඇති බවයි. එහි ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා ඊට අදාළ පළමු දැනුම් දීම මේ වන විටත් අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත යවා ඇතැයිද පැවසීය. මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයාගෙන් වැඩිදුර උපදෙස් ලබාගැනීමටද කටයුතු කරනු ඇතැයි අමාත්‍යංශ ලේකම්වරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් අප කළ සොයා බැලිමකදී වාර්තා වූයේ පසුගිය පළමු වැනිදා වන විටත් හිටපු ඇමතිවරුන් 12 දෙනෙකු පමණක් නිල නිවාස හා නිල වාහන බාර දී ඇති බවයි.

හිටපු අමාත්‍යවරුන් විසින් තමන් භාවිත කළ නිල නිවාස හා නිල වාහන මෙතෙක් බාර නොදීමෙන් නව රජයේ අමාත්‍යවරුන්ට නිල නිවාස ලබාදීමට නොහැකි වී ඇති බව වැඩි දුරටත් අදහස් දක්වමින් ලේකම්වරයා සඳහන් කළේය.

පෙර වාර්තාව
හිටපු ඇමතීන් නිල නිවාස, වාහන, ආරක්ෂකයින් බාරදීලා නෑ

Rivira FB Group Rivira Youtube
To Top