ආනයනික කිරිපිටි පැකට්ටුවකට මිල අඩු කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, කිරිපිටි සමාගම් සමඟ පැවැති සාකච්ඡාවකින් පසුව තීරණය කර ඇත.
ඒ අනුව වහාම ක්රියාත්මක වන පරිදි ආනයනික කිරි පිට කිලෝවක (1Kg) මිල රුපියල් 40කින් සහ ග්රෑම් 400ක(400g) මිල රුපියල් 15කින් ද අඩු කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබෙනවා.
උත්සව සමයේදී ජනතාවට සහය ලබාදීමේ රජයේ ප්රතිපත්තිය අනුව මෙය සිදුකෙරුණු බව සඳහන්.

