පැහැරගැනීමට ලක්වූ බවට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය පැමිණිලි කළ, දේශීයව බඳවාගත් නිලධාරිනියක වන ගානියා බැරිස්ටර් ප්‍රැන්සිස් නැමැත්තිය ප්‍රකාශයක් ලබාදීම සඳහා ඊයේ(08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.
මාධ්‍ය මගහැරීමට විශාලය මෙහෙයුමක් දියත් කරමින්, තානාපති කාර්යාල නිලධාරීන් සහ නීතීඥයන් පිරිසක්ද සමඟ අදාළ කාන්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීම සුවිශේෂී සිදුවීමක්.
ප්‍රකාශයක් ලබාදෙන ලෙස අධිකරණ නියෝගයක් නිකුත් කළ බැවින් අදාළ කාන්තාව ප්‍රකාශයක් ලබාදීමට යොමු කළ බව තානාපති කාර්යාල ආරංචි මාර්ග පැවසුවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන බව දැන්වූ ඇයව ප්‍රථමයෙන් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමු කර වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමටද පියවරගෙන ඇත.
“ඉහළ පෙළේ ආරංචි මාර්ග” උපුටා දක්වමින් හිරු පුවත් ප්‍රකාශයෙන් ඊයේ වාර්තා කළ පරිදි අදාළ කාන්තාව ‘තානාපති නිලධාරීන් පවා නොමග යවා ඇති බවට’ ඇය ඊයේ ලබාදුන් ප්‍රකාශයට අනුව සැක මතුව ඇති බව ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකාව හා ස්විට්සර්ලන්තය අතර රාජ්‍ය තාන්ත්‍රික අර්බුධයක් දක්වා ගමන් කරමින් තිබූ අදාළ සිදුවීම ‘ස්විස් රජයේ නාට්‍යක් බව’ මෙරට මහා සංඝරත්නය ඇතුළු පාර්ශව රැසක් මත පළ කළා. එයින් මිදීම සඳහා සියළු වැරදි කාන්තාව මත පටවා ස්විස් රජය මෙම සිදුවීමෙන් බේරීමට තැත් කිරීමක්ද යන්න පිළිබඳ ගැටළුක් ඇති වන බව නීතිවේදී මංජුල ප්‍රසාද් කුරේ ප්‍රකාශ කළා. දින ගණනාවක් අධිකරණයට හෝ පොලීසියට ඉදිරිපත් නොකර සිටීම එම සැකය වර්ධනය කළ බවද ඔහු ප්‍රකාශ කළා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සත්‍ය සෙවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටිය යුතු බවද ඔහු ප්‍රකාශ කළා.
මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අදාළ කාන්තාව සමඟ ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණ සිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ තවත් ශ්‍රී ලාංකික නිලධායෙකු මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබුණේ අද (10) දිනයේදී මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා මාධ්‍ය හමුවක් ද කැඳවන බවයි.

