දේශීය පුවත්

තාප්පවල චිත්‍ර ඇඳීමේ රැල්ල අප්‍රසාදයට ලක් කරන කුමන්ත්‍රණයක් හෙළිවෙයි

පොස්ටර් හා දැන්වීම් අලවමින් අවලස්සන කර තිබූ රට ඒවා ඉවත් කරමින් චිත්‍ර අඳිමින් ලස්සන කිරීමේ වැඩසටහනක් දිවයින පුරා ස්වෙච්ඡා තරුණ තරුණියන්ගේ සහභාගීත්වයෙන් සිදුවෙමින් තිබේ. එය ජනාධිපතිවරණයට පෙර ආරම්භ වූ වැඩපිළිවෙළක් වූ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා පෝස්ටර් හා පොලිතින්වලින් තොර මැතිවරණයක් සිදුකර ජයගැනීමෙන් අනතුරුව විශාල රැල්ලක් මෙන් රට පුරා පැතිර ගිය සිදුවීමක්ද වේ.

ඒ සමගම එය නොරිස්සූ ස්වාභාවයවක් ඇතැමුන්ට ඇති වූ අතර සමහරෙක් එය “ගොං ජෝක්” ලෙසද අර්ථකථනය කර තිබුණි.

වාර්තා වන නවතම තොරතුරු අනුව මෙම රැල්ලට එරෙහිව ජනමතයක් ගොඩ නැගීමේ කුමන්ත්‍රණයක් ආරම්භ වී තිබෙනවා. ඒ සඳහා ඔවුන් ප්‍රථමයෙන් සිදු කර ඇත්තේ ආගමික ස්ථානවලට අයත් තාප්ප හා වළාකුළු බැමිමත චිත්‍ර ඇඳ ජනතා අප්‍රසාදයක් ඇති කිරීමයි. දළදා මාලිගාව අසළ වැවේ වළාකුළු බැම්ම මතද චිත්‍ර ඇඳීමට වෙනත් ප්‍රදේශවලින් ගිය පිරිසක් මෙලෙස කටයුතු කර ඇති බවද වාර්තා වේ. ඔවුන් ද සාමාන්‍ය ලෙසම ඉදිරිපත් වූ බව පෙන්වමින් සිටියද සත්‍ය ලෙසම ඔවුන්ව මෙහෙයවා ඇත්තේ කොළඹ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් බවට චෝදනා එල්ල වෙමින් පවතී.

කුමන්ත්‍රණයේ තවත් කොටසක් ලෙස උතුරේ තාප්පවල කොටි ත්‍රස්ථයන් සිහිකෙරෙන ආකාරයේ චිත්‍ර ඇඳිය යුතු බවට මතයක් සමාජ මාධ්‍ය තුළ බෙදා හරිමින් ඇති බවටද චෝදනා එල්ල වේ. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී රජය අවධානය යොමු කළ යුතුව ඇතැයි චිත්‍ර ඇඳීමේ නිරත රටට ආදරය කරන තරුණ පිරිස රජයෙන් ඉල්ලා සිටී. තවද ඒ ඒ ප්‍රදේශවලට ගැලපෙන ආකාරයේ චිත්‍ර තෝරා දීමටද රජය මැදිහත් වන්නේ නම් මෙය වඩාත් ඵලදායී වන බව ඔවුන්ගේ මතයයි.

Rivira FB Group Rivira Youtube
To Top