News

මැතිවරණ කොමිසමට ජනාධිපතිවරයාගෙන් දැනුම් දීමක්, මහින්ද දේශප්‍රියට යන්න බැරි වෙයි

ශ්‍රී ලංකා මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිධූරයෙන් ඉවත්වීමට මහින්ද දේශප්‍රිය මහතා කරන ලද ලිඛිත ඉල්ලීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබීම හා මැතිවරණ ක්‍රමයට අදාළ නෛතික සංශෝධන රැසක් සිදු කිරීමට නියමිතව තිබියදී මහින්ද දේශප්‍රිය මහතාගේ ඉල්ලා අස්වීම පිළිගත නොහැකි බව ජනාධිපතිවරයාගේ මතය වී තිබෙනවා. ඒ අනුව මහින්ද දේශප්‍රිය මහතාගේ සේවය එම කොමිසමේ සභාපතිවරයා වශයෙන් තවදුරටත් අවශ්‍ය බවද ඉල්ලා අස්වීමේ ලිපිය පිළිගත නොහැකි යැයි ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා මැතිවරණ කොමිසන් සභාවට දැනුම් දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැත. පළාත් සභා ඡන්ද විමසීම නොපවත්වන්නේ නම් නොවැම්බර් මස වන විට ඉල්ලා අස්වන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පසුගිය මාර්තු මාසයේදී ප්‍රකාශයක් කර තිබුණි. මෙම ඉල්ලා අස්වීමේ ලිපිය ඒ අනුව යොමු කෙරී තිබිණි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads

Rivira.lk අන්තර්ජාල පුවත්පත.

විමසීම් සහ පුවත් යොමු කිරීම් - rivira@rivira.lk

Copyright © 2019 Rivira.lk

To Top