දේශපාලන

මහමැතිවරණයත් රනිල්ගේ නායකත්වයෙන්, ගමන හදන්න 6ක කමිටුවක් – එජාපයේ අලුත්ම කතාව මෙන්න

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයෙන් ලැබූ දරුණු පරාජයෙන් පසුව විපක්ෂ නායකධූරයට පත් කරන ලෙසද පක්ෂ අභ්‍යන්තරයෙන් ඉල්ලා සිටීම නිසා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායකධූරයට සජිත් ප්‍රේමදාස මහතා නම් කළේය. එහිදී පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් ඉදිරියේදී තීන්දුවක් ගැනීමේ එකඟතාවයට යටත්ව රැස්වීම අවසන් කර තිබුණි.

මේ සම්බන්ධයෙන් අද මාධ්‍ය වෙත අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේ ඉදිරි මහමැතිවරණයත් එජාපය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන්ම තරඟ කිරීමට තීරණය කළ බවයි.

පක්ෂයේ ඉදිරි ගමන සැළසුම් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසකගෙන් සැඳුම්ලත් කමිටුවක්ද පත් කර තිබෙනවා. එම කමිටුවට හිටපු ඇමතිවරුන් වන රංජිත් මද්දුමබණ්ඩාර, තලතා අතුකෝරල, මලික් සමරවික්‍රම, ලක්‍ෂ්මන් කිරිඇල්ල, වජිර අබේවර්ධන හා මහාචාර්ය ආශු මාරසිංහ යන මහත්ම මහත්මීන් පත් කර ඇත.

මේ අතර එක්සත් ජාතික පක්ෂය සමග මීට පෙර තරඟ කළ මුස්ලිම් දේශපාලන පක්ෂ හා දමිළ දේශපාලන පක්ෂ මහමැතිවරණයේදී වෙනම තරඟ කිරීම පිළිබඳ සාකච්ඡා කරමින් සිටින බව ද “රිවිර”ට වාර්තා වේ.

Rivira FB Group Rivira Youtube
To Top