ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඉඩම්, දේපළ සහ භට නිවාස ඒකකයේ නව අධ්‍යක්ෂක ලෙස බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා පත් කර තිබෙනවා.
ඒ මහතා අද (10) අකුරේගොඩ යුධ හමුදා මූලස්ථානයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කර තිබෙනවා.
එම ධූරයේ මීට පෙර කටයුතු කළ මේජර් ජෙනරාල් ප්‍රසන්න චන්ද්‍රසේකර මහතා යුධෝපකරණ මාස්ටර් ජෙනරාල්ධූරයට පත් කර තිබෙනවා.
නව ධූරයට පත් වීමට පෙර ප්‍රියංක ප්‍රනාන්දු මහතා වත්තල රණවිරු සම්පත් කේන්ද්‍රයේ අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කරමින් සිටියා.
සම්බන්ධිත පුවත්
බ්‍රිගේඩියර් ප්‍රියංක තානාපති මුක්තිය හිමි නිලධාරියෙකු බව ශ්‍රී ලංකා රජය යළි අවධාරණය කරයි


