,
News

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සජිත්ට ආරාධනා නෑ – රටේ විපක්ෂ නායකයෙක් නෑ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (12) පෙරවරුවේ රැස්වීමට නියමිතව ඇතැයි කතානායක මාධ්‍ය අංශය පවසයි. ඒ කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්.

නව ආණ්ඩුව පිහිටුවීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වන පළමු අවස්ථාව මෙයයි.

10 දෙනෙකුගෙන් සමන්විත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා කතානායකවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂනායකවරයා නිල බලයෙන් පත්ව වන නමුත් මේ අවස්ථාව වන විට රටේ විපක්ෂ නායකවරයා අග්‍රාමාත්‍යධූරයේ දිවුරුම් දී තිබීම හේතුවෙන් විපක්ෂ නායකධූරය හිස්ව පවතී. එබැවින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අද දිනයේ රැස්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සහභාගීවිමට හැකියාව තිබුණ ද විපක්ෂනායකවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් නම් කර ඇති සජිත් ප්‍රේමදාස මහතාට ඒ සඳහා අවස්ථාව හිමි නොවනු ඇති බවයි වාර්තා වන්නේ. ඔහු මෙතෙක් විපක්ෂ නායකවරයා ලෙස නිල වශයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කර නොතිබීම නිසා මෙම තත්වය උද්ගතව ඇති බවයි වාර්තා වන්නේ.

මීට පෙර අග්‍රාමාත්‍යධූර දැරූ රනිල් වික්‍රමසිංහ මහතා නම් කළ නියෝජිතයින් හා විපක්ෂ නායක ලෙස මහින්ද රාජපක්ෂ මහතා නම් කළ මන්ත්‍රීවරුන් සහ සිවිල් සාමාජිකයින් තිදෙනා අද දිනයේ රැස්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සහභාගී වනු ඇති බවද වාර්තා වෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පත් කර ඇති සාමාජිකයින් ඉවත් කිරිමට හැකියාවක් නොමැති අතර ඔවුන් සිය ධුරවලින් ඉල්ලා අස්වන තුරු අදාල පත්විම් වලංගු වෙයි. නමුත් නිල බලයෙන් පත්වන සාමාජිකයින්ට එය අදාළ නොවනු ඇත.

Rivira Ads
To Top