,
Politics

ගෝඨාභය ගේන්න බර ඇද්ද ආචාර්ය ගොඩහේවා කලකිරෙයි – හේතුව හිමිනමකගේ ප්‍රකාශයක්

ආචාර්ය නාලක ගොඩහේවා යනු පෙර පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සභාපතිවරයායි. 2015 යහපාලන රජය බලයට පත් වූ පසු දේශපාලනික මැදිහත්වීමක් සහිතව නව ජනාධිපතිවරයෙක් පත් කර ගැනීමේ සටනට අවතීර්ණ වූ නාලක ගොඩහේවා මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවීමේ සටනේ උපාය මාර්ගික ක්‍රියාමාර්ග සැළසුම් කළ විද්වතෙකු ලෙස සිය දායකත්වය ලබා දුන් බව නොරහසක්.

ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් වීමෙන් පසු කිසිඳු රාජ්‍ය ආයතනයක තනතුරක් නොගත් ආචාර්ය නාලක ගොඩහේවා, රාජ්‍ය ආයතන සඳහා සුදුස්සන් නිර්දේශ කිරීමට ජනාධිපතිවරයා පත් කළ කමිටුවේ සාමාජිකයෙකු ලෙසද කටයුතු කරයි.

මේ අතර වාර්තා වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාත්මක කිරීමට වියත්මග විද්වතෙකු වශයෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඔහු ඉදිරි මහමැතිවරණයේදී තරඟ කරන බවයි.

ඒ සම්බන්ධයෙන් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් ෆේස්බුක් සටහනක් තබා තිබේ.

පූජ්‍ය මැඩිල්ලේ හිමිගේ ප්‍රකාශය
ආචාර්ය නාලක ගොඩහේවාගේ පිළිතුර

සිදුවීම සම්බන්ධයෙන් ඔහු දැඩි ලෙස කලකිරී සිටින බව දක්වා තම ෆේස්බුක් ගිණුමේද සටහනක් යොදා තිබෙනවා.

කොළඹ ප්‍රධාන බෞද්ධ පාසලක් වන ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන නාලක ගොඩහේවා මහතා මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිධාරියෙකි. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාද් උපාධියක් ලැබූ ඔහු දකුණු ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාලයෙන් සිය ආචාර්ය උපාධිය ලබාගෙන ඇත. වරලත් කළමණාකරණ ගණකාධිකාරිවරයෙක් (Charted Management Account) හා වරලත් ප්‍රචාරණ අලෙවිකරුවෙකුද(Charted Marketer) වේ.

උගත්, බුද්ධිමත් වෘත්තිකයින් පාර්ලිමේන්තු පැමිණිය යුතු බවට ජනතා මතයක් ගොඩ නැගී තිබේ. ජනාධිපතිවරයාද ඒ සම්බන්ධයෙන් ප්‍රබල උනන්දුවක් දක්වන බවද වාර්තා වේ.

ආචාර්ය නාලක ගොඩහේවා තබා ඇති සටහන

පෙර වාර්තාව
මහමැතිවරණයට ජනපති ගෝඨාභය ඉදිරිපත් කරන වියතුන් මෙන්න

Rivira Ads
To Top