එජනිස පාර්ලිමේන්තු ධූරයට එජාප සංවිධායක වරුණ ලියනගේ ගේ නම ගැසට් කෙරේ
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් ද සොයිසා අභවප්රාප්ත වීම හේතුවෙන් හිස්වූ පාර්ලිමේන්තු අසුනට මනාප ලැයිස්තුවේ මීළඟට සිටින හා මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායක උඩගම ලියනගේ වරුණ ප්රියන්ත ලියනගේ මහතාගේ නම ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්රික් අපේක්ෂක ලැයිස්තුවේ ඊළඟට වැඩිම ඡන්ද හිමි කරගෙන සිටින වරුණ ලියනගේ මහතා 1981 අංක 01 දරන පාර්ලිමේන්තු පනත ප්රකාරව පත්කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසම මීට පෙර සඳහන් කළා.
එහෙත් එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ඉල්ලා සිටියේ ඔහු මේ වන විට විරුද්ධ පක්ෂයේ සංවිධායකයෙකු බැවින් සනී රෝහන මහතාට එම අවස්ථාව ලබාදෙන ලෙසයි.
කෙසේ නමුත් කොමිෂන් සභාවේ අවසන් තීරණය වී ඇත්තේ පනත අනුව මනාප ලැයිස්තුවේ පිළිවෙලට මන්ත්රීධූර හිමි විය යුතු බවයි.

Very bad omen for the gott govt