දේශපාලන

අජිත් පී පෙරේරා රස බැලූ සජිත් ගැන තීරණය මෙන්න – මෙලෝ රහක් නෑලු

ඉදිරි මහමැතිවරණයෙන් පසුව එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂ නායකත්වය ලබා දීම කිසිදු ඵලක් නොමැති ක්‍රියාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා ප්‍රකාශ කළා.

කළුතර, බණ්ඩාරගම ප්‍රදේශයේ අද (13) පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

රනිල් වික්‍රමසිංහ මහතා දීර්ඝ කාලයක් මෙරට අගමැති ධූරය දැරූ බවත් පක්ෂයේ නායකයකත්වයද විපක්ෂ නායකත්වයද දැරූ දේශපාලනඥයෙකු බව මන්ත්‍රීවරයා සිහිපත් කළා. එබැවින් නායකත්වයෙන් ඉවත් වී අලුත් නායකයෙකුට අවස්ථාව ලබා දිය යුතු බව මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියා.

වැඩි දුරටත් අදහස් දැක්වු ඒ මහතා කියා සිටියේ, සජිත් ප්‍රේමදාස මහතාට මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට නොහැකි වුවත් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා වශයෙන් පත් කළ යුතු බව විපක්ෂය විසින් පිළිගත් බවයි. එබැවින් මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයේ දී අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂය නියෝජනය කරමින් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කිරීම ගැන සියලු දෙනාගේ එකඟතාවයක් ඇති බව මන්ත්‍රීවරයා කියා සිටියා.

මේ රටේ ජනාධිපතිවරයා ලෙස තරග කිරීමට පරිනත සජිත් ප්‍රේමදාස මහතා, විපක්ෂ නායක බවට පත් කිරීමට ද ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේ දී අගමැති අපේක්ෂකයා කිරීමටද තරම් සුදුසුකම් ඇත්නම් පක්ෂයේ නායකත්වයට පත් කිරීමටද සුදුස්සෙකු විය යුතු බවත් එය කිසිවෙකුට ගැටළුවක් විය නොහැකි බවත් මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියා.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව පක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට තර්ක ඉදිරිපත් කිරීම අඥාන කාර්යක් බවත් එය “මෙලෝම රහක් නැති තර්කයක්” බවත් අජිත් පී පෙරේරා මහතා ප්‍රකාශ කළා.

Rivira FB Group Rivira Youtube
To Top