,
Politics

ටෙලිකොම් සභාපති කතාව බොරුවක් – ශෂීන්ද්‍ර රාජපක්ෂ

ඌව පළාත් හිටපු මහඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපතිවරයා ලෙස පත් කර ඇති බවට සමාජ ජාල ඔස්සේ සහ ඇතැම් වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය කෙරමින් පැවතිණි.

මේ සම්බන්ධයෙන් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් කියා සිටින්නේ එය සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රචාරයක් බවයි. නව රජය බලයට පත් වීමෙන් පසු තමන් කිසිඳු තනතුරක් බාරනොගෙන මොනරාගල ජනතාව සමග දේශපාලන කටයුතු සිදු කරමින් සිටින බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා. එම සටහන පහළින්.

“කිසියම් සංවිධානත්මක පිරිසක් විසින් “ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපතිවරයා” ලෙස මා පත්කර ඇතැයි යනුවෙන් අසත්‍ය ප්‍රචාරයක් පතුරුවමින් සිටියි. නව රජය පත්වීමත් සමඟ මා විසින් රජයේ හෝ වෙනත් ආයතනයක කිසිඳු තනතුරක් බාර නොගත් අතර, මොනරාගල ජනතාවගේ බලාපොරොත්තු ඉටුකිරීම සඳහා දිනපතා මාගේ දේශපාලන කටයුතුවල නිරත වෙමින් සිටියි. එබැවින්, දේශපාලන වශයෙන් පරාජය වූ ඇතැමුන් ගෙන යන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස ආදරණීය ජනතාවගෙන් ඉල්ලා සිටිමි.”

Rivira Ads
To Top