,
Politics

චිත්‍ර අඳින අයගේ මානසිකත්වය ගැන කණගාටු වෙනවා – හිටපු ඇමති මනෝ ගනේෂන්

රටේ තරුණ තරුණියන් චිත්‍ර ඇඳීම සම්බන්ධයෙන් සතුටු වන බව හිටපු අමාත්‍ය මනෝ ගනේෂ්න් පවසනවා. නමුත් ඔවුන් අඳින චිත්‍ර පිළිබඳ සළකා බලන විට චිත්‍ර අඳින අයගේ මානසිකත්වය සම්බන්ධයෙන් කණගාටු වන බවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැවසීය.

එළෙස ඇඳ ඇති චිත්‍ර බොහොමයක ඇත්තේ අමතක කළ යුතුව ඇති යුධ කාරණා බවත් ඒවා තුළ ඇත්තේ කදුළු සහ දුක බවත් ඒවා ඇඳීමෙන් නැවත නැවත මතක් වී දුක ඇති වන බවත් මන්ත්‍රීවරයා පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වූයේ සිංහල ඡන්ද වලින් බව කියා සිටීමත් එහෙත් තමන් සියළු දෙනාගේ ජනාධිපතිවරයා බව පැවසූ බවත් එය නිවැරදි වීමට නම් මෙවැනි චිත්‍ර නොඇඳිය යුතු බවත් මන්ත්‍රීවරයා වැඩිදුටත් ප්‍රකාශ කළේය.

ඔහු පසුගිය රජයේ ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

Rivira Ads
To Top