,
Politics

සජිත් ආයෙත් එනවා, 17 ඉඳන් කොට්ඨාස මට්ටමින් යළි දේශපාලන කටයුතු අරඹනවා

2019 ජනාධිපතිවරණයෙන් ලද පරාජයත් සමග දේශපාලන කටයුතුවලින් ඈත්වී සත්ත්ව ආරක්ෂණ කටයුත්තක නිරත වන බව ට්විටර් පණිවුඩයක් මගින් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර තිබුණා.

එහෙත් පසුව විපක්ෂ නායකධූරයට සජිත් ප්‍රේමදාස මහතා පත් කරන ලෙස පක්ෂයෙන් කළ ඉල්ලීමක් අනුව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායකධූරයට සජිත් ප්‍රේමදාස මහතා නම් කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේ විපක්ෂ නායකධූරයට සජිත් ප්‍රේමදාස මහතා නම් කළද 2023 දක්වා පක්ෂ නායක්වයේ කටයුතු කරනු ලබන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බවයි.

මේ අතර 2020 මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අගමැති අපේක්ෂකධූරයටද සජිත් ප්‍රේමදාස මහතා පත් කළ යුතු බව එජාපයේ සජිත් ප්‍රේමදාස මහතාට හිතවත් පාර්ශවය ඉල්ලීමක් කර තිබෙනවා. ඊට ප්‍රතිචාර දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතාට හිතවත් පාර්ශවය සඳහන් කර ඇත්තේ ඒ සඳහා දිස්ත්‍රික්කය දිනාගැනීම අවශ්‍ය කරුණක් ලෙස මතු කළ යුතු බවයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස මහතාට හිතවත් පාර්ශවය සජිත් ප්‍රේමදාස මහතගේ ප්‍රධානත්වයෙන් ජන රැළි මාලාවක් සංවිධානය කර තිබෙනවා. දෙසැම්බර් මස 17 වැනි දින දිවයිනේ සියළුම මැතිවරණ කොට්ඨාස ආවරණය වන පරිදි ජනරැළි සංවිධානය කිරීමට ඔවුන් පියවර ගෙන තිබෙනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය නිල වශයෙන් මාධ්‍යයට දැනුම් දීමක් කර නොතිබීමද විශේෂත්වයක් වී ඇත.

Rivira Ads
To Top