දේශීය පුවත්

ස්විස් සේවිකාව අත්අඩංගුවට (Breaking News)

පැහැරගැනීමට ලක් වූ බව කියමින් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය හරහා පොලීසියට දැනුම් දුන් එම තානාපති කාර්යාලයේ සේවිකාවක වන ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට උපදෙස් දුන් බව නීතිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශිකා නිශාරා ජයරත්න පැවසීය.

ඒ අදාළ කාන්තාව “රජය අපහසුතාවයට පත්කිරීමේ අරමුණින් අසත්‍ය තොරුතුරු ඉදිරිපත් කිරීමේ” චෝදනාවක් සම්බන්ධවයි.

ඇය මේ වන විටත්(දෙසැම්බර් 16 සවස 4.30 වන විට) ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිටී.

වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න.

Updated – 5 p.m
මේ වන විට නීතිපතිවරයාගේ උපදෙස් මත අදාළ කාන්තාව අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.

Updated 7.30 p.m.
අත්අඩංගුවට ගත් තානාපති කාර්යාල සේවිකාව දෙසැම්බර් මස 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
To Top