තවත් රාජ්‍ය ආයතන කිහිපයක සභාපතිවරුන් ලෙස ඒ සඳහා වූ කමිටුවේද නිර්දේශය මත පත් කර තිබෙනවා.
ලේක්හවුස් ආයතනයේ සභාපතිවරයා වශයෙන් ජනාධිපති නීතිඥ ඩබ්. දයාරත්න පත් කර තිබෙනවා. සන්නිවේදන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් ඊට අදාළ ලිපිය නිකුත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරිය ලෙස ප්‍රකට ව්‍යාපාරිකාව වන නීතිඥ කිමර්ලි ප්‍රනාන්දු පත් කර තිබෙනවා. සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම්වරිය විසින් ඊට අදාළ ලිපිය නිකුත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හිටපු සභාපති සුසන්ත රත්නායක පත් කර තිබෙනවා.
ගුවන් තොටුපළ නව සභාපතිවරයා ලෙස උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර, විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි පත් කර තිබෙනවා. සංචාරක හා ගුවන්සේවා අමාත්‍යංශයේ ලේකම්වරිය විසින් අදාළ ලිපිය නිකුත් කර තිබෙනවා.
මීට අමතරව හිටපු නාවික හමුදාපතිවරයෙකු වන විශ්‍රාමික අද්මිරාල්, ආචාර්ය ජයනාත් කොළඹගේ, විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම්වරයා ලෙස පත් කර තිබෙනවා. ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා විසින් ඊට අදාළ ලිපිය නිකුත් කර තිබෙනවා.
