දේශීය පුවත්

රක්ෂණ සංස්ථාව, මහජන බැංකුව, ජාතික රූපවාහිනිය ඇතුළු ආයතන කිහිපයකටත් නව සභාපතිවරු

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජගත් වැල්ලවත්ත පත් කර තිබේ. ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි. ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යංශයේ හා රාජ්‍ය උගස් හා ආයෝජන බැංකුවේ සභාපතිවරයා ලෙස කටයුතු කර තිබේ. මුදල් අමාත්‍යංශ ලේකම්වරයා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය නිකුත් කර තිබේ. ඔහු රාජ්‍ය ආයතන සඳහා සුදුස්සන් නිර්දේශ කිරීමට පත් කළ කමිටුවේද සාමාජිකයෙකි.

මහජන බැංකුවේ සභාපතිවරයා ලෙස සුජීව රාජපක්ෂ පත් කර තිබේ. ඔහු විගණන ක්ෂේත්‍රයේ වසර තිහක පමණ අත්දැකීම් ඇති නිලධාරියකු වන අතර ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරවරුන්ගේ සංගමයේ හිටපු සාමාජිකයෙකි. ඊට අදාළ පත්වීම් ලිපිය මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත් කර තිබේ.

ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක පත් කර තිබේ. ඊට අදාළ පත්වීම් ලිපිය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත් කර තිබේ.

ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා ලෙස ජයන්ත ධර්මදාස පත් කර තිබේ. වෘත්තියෙන් ව්‍යාපාරිකයකු වන ඔහු එම සංස්ථාවේම සභාපතිවරයකු ලෙස මෙයට කලින් අවස්ථාවක ද කටයුතු කර ඇති ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කර තිබේ. සංස්කෘතික අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් මීට අදාළ පත්වීම් ලිපිය නිකුත් කර තිබේ.

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිවරිය ලෙස සුජාතා කුරේ පත් කර තිබේ. ඇය ද හිටපු අමාත්‍යාංශ ලේකම්වරියකි. ඇය මහා භාණ්ඩාගාරයේද සේවය කර තිබේ. දින 52 රජයේ මහජන බැංකු සභාපතිවරිය ලෙසද පත් කර තිබුණි. මීට අදාළ පත්වීම් ලිපියද මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත් කර තිබේ.

සම්බන්ධිත පුවත්
ලේක්හවුස්, BOI, SLTDA හා ගුවන් තොටුපළ සභාපතිවරුන් පත් කෙරේ
අශෝක් පතිරගේ ශ්‍රී ලංකන් ගුවන් සේවා සභාපතිධූරයට

Rivira FB Group Rivira Youtube
To Top