ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපතිවරයා ලෙස කමල් සේනක රත්වත්තේ පත්කර තිබේ. ඔහු හිටපු අග්‍රමාත්‍යවරියක වන සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ සහෝදරයෙකු වන ක්ලිෆඩ් රත්වත්තේගේ පුත‍්‍රයෙකු බවද සඳහන්. වෘත්තියෙන් වැවිලිකරුවෙකු වන ඔහු තේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන මීට පෙර රක්ෂණ සංස්ථාවේ උපසභාපතිවරයා ලෙස ද ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපතිවයෙකු ලෙස ද කටයුතු කර තිබේ. කම්කරු හා රැකී රක්ෂා අමාත්‍යංශයේ ලේකම් විසින් මීට අදාළ පත්වීමේ ලිපිය නිකුත් කර තිබෙනවා.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) සභාපතිවරයා ලෙස වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පත්කර තිබේ. ඔහු රාජ්‍ය ආයතන සඳහා සභාපතිවරුන් පත් කිරීමට නිර්දේශ කිරීම සඳහා ජනාධිපතිවරයා පත් කළ කමිටුවේද සාමාජිකයෙකු වේ. සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරිය විසින් මීට අදාළ පත්වීම් ලිපිය නිකුත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ (SPMC) සභාපතිවරයා ලෙස වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ පත්කර ඇත. මීට අදළ පත්වීම් ලිපියද සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරිය විසින් නිකුත් කර තිබෙනවා.

