,
Foreign

කෂෝගී ඝාතනය: 5කට මරණීය දණ්ඩනය

පසුගිය වසරේදී සිදුවූ මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය සම්බන්ධයෙන් සෞදි අරාබියේ අධිකරණයක් විසින් පුද්ගලයින් 5 දෙනෙකුට මරණ දණ්ඩනය නියම කර තවත් තිදෙනෙකුට සිර දඩුවම් නියම කර තිබේ.

සෞදි ආණ්ඩුව ප්‍රබල ලෙස විවේචනය කරන්නෙකු වන කෂෝගි, තුර්කි නගරයේ ඉස්තාන්බුල්හි පිහිටි සෞදි කොන්සියුලර් කාර්යාලය තුළ, සෞදි නියෝජිතයින් කණ්ඩායමක් විසින් ඝාතනය කරන ලදී.

එක්සත් ජාතීන්ගේ විශේෂඥයෙකු නිගමනය කර ඇත්තේ එය “නීති විරෝධී මරණය සිදු කිරීමක්” බවයි.

කෂොග්ගිගේ මරණයට ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් ඇතුළු ඉහළ පෙළේ සෞදි නිලධාරීන් තනි තනිව වගකිව යුතු බවටත් වැඩිදුර විමර්ශන අවශ්‍ය බවටත් විශ්වාසදායක සාක්ෂි පවතින බව විශේෂ නියෝජිත ඇග්නස් කැලමාර්ඩ් ජුනි මාසයේදී පැවසීය.

සෞදි කුමරු “තමන්ගේ මැදිහත්වීම” ප්‍රතික්ෂේප කළ නමුත් ඔක්තෝම්බර් මාසයේදී ඔහු කියා සිටියේ “සෞදි අරාබියේ නායකයෙකු ලෙස තමා සම්පූර්ණ වගකීම භාර ගත් බවයි. විශේෂයෙන් එය සෞදි රජය වෙනුවෙන් වැඩ කරන පුද්ගලයින් විසින් සිදු කරන ලද්දක් වීම නිසා එසේ සිදු කරනවා” යනුවෙනුයි.

ජ්‍යෙෂ්ඨ සහායකයකු වන සවුඩ් අල්-කහතානි මේ සම්බන්ධයෙන් රැකියාවෙන් නෙරපා හැර සැකකරුවෙකු ලෙස ඔහු සම්බන්ධයෙන් විමර්ශනය කරන ලද නමුත් “ප්‍රමාණවත් සාක්ෂි නොමැති නිසා” ඔහුට එරෙහිව චෝදනා ගොනු කර නොමැති බව අභිචෝදක පවසයි. හිටපු නියෝජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී අහමඩ් අසිරි නඩු විභාගයට ලක් කළ නමුත් ඉහත හේතුව මත ඔහුවද නිදොස් කොට නිදහස් කරන ලදී.

ඉහත කී නිවේදනයෙන් පසුව, කැලමාර්ඩ් මහත්මිය ට්විටර් වෙබ් අඩවියේ මෙසේ ලිවීය: “විමර්ශනය, නඩු පැවරීම සහ යුක්තිය පිළිබඳ විකාරය දිගටම පවතී.”

එක්සත් ජනපදයේ වොෂිංටන් පෝස්ට් පුවත්පතේ තීරු ලිපි රචකයෙකු වන 59 හැවිරිදි මාධ්‍යවේදියා අවසන් වරට සෞදි කොන්සල් කාර්යාලයට ඇතුළු වූයේ 2018 ඔක්තෝබර් 2 වන දින තම පෙම්වතිය වන හැටිස් සෙන්ගිස් සමඟ විවාහ වීමට අවශ්‍ය ලිපි ලේඛන ලබා ගැනීම සඳහා ය.

තුර්කි බුද්ධි අංශ විසින් කොන්සියුලර් කාර්යාලය තුළ සිදුකරන ලද සංවාදවල ශබ්ද පටිගත කිරීම්වලට සවන් දීමෙන් පසු, කැලමාර්ඩ් මහත්මිය නිගමනය කළේ, එදින කෂෝගි “අමානුෂික ලෙස මරා දැමූ” බවය.

බීබීසීය ඇසුරින්

Rivira Ads
To Top