,
News

ශ්‍රේෂ්ඨාධීකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන අභවප්‍රාප්ත වේ

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ ප්‍රසන්න ජයවර්ධන මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්තවී තිබේ. 

2016 වර්ෂයේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්වීම් ලැබූ ඒ මහතා වාණිජ නීතිය හා බැංකු නීතිය පිළිබඳ නඩු සම්බන්ධයෙන් විශේෂඥතාවයක් දැක්වූ නීතිඥවරයෙකු වේ.

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වූ ඔහු කොළඹ විශ්ව විද්‍යාලයෙන් නීති අධ්‍යාපනය ලබා නීතිඥවරයෙකු බවට පත් විය. 2013/2014 වර්ෂය තුළ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ උප සභාපතිවරයා ලෙසද කටයුතු කර තිබේ. කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත සමාගම් කිහිපයකම අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කර තිබේ.

මහ බැංකු බැදුම්කර ගනුදෙනුව පිළිබඳ සෙවීම සදහාපත් කළ ජනාධිපති කොමිසමේ සාමාජිකයෙකු ලෙස ජයවර්ධන මහතා කටයුතු කර තිබේ.

Rivira Ads
To Top