,
News

නිදහස් දින සමරුවේදී ජාතික ගීය සිංහලෙන් පමණයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 72 වැනි නිදහස් උත්සවය පෙබරවාරි 04 දා කොළඹ නිදහස් චතුරස්‍රයේදී උත්සවාකාරයෙන් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් ඊයේ (23දා) පැවැත්වූ සාකච්ඡාවකදී තීරණය කර ඇත්තේ ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කිරීමටයි. ශ්‍රී ලංකාවේ ජාතික නිදහස් උත්සවයකදී පළමු වරට ජාතික ගීතය දෙමළ භාෂාවෙන් ගායනා කරන ලද්දේ 2016 වසරේදී ය.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජාතික උත්සවයට සමගාමීව රට පුරා පැළ සිටුවීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කෙරේ. එමෙන්ම ජාතික උත්සවය අභිමානවත්ව පැවැත්වීමටද තීරණය කර ඇත.

Rivira Ads
To Top