News

ඇමති සැප අත් නොහැරි හිටපු ඇමතීන්ගෙන් දඩ කුලී, දෙවන සිහිකැඳවීමත් යවයි

“රිවිර.lk” මීට පෙරද දිගින් දිගටම වාර්තා කර සිටිියේ හිටපු කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන් ඔවුන් රජයෙන් ලබාදී තිබූ නිල නිවාස, නිල වාහන ඇතුළු රාජ්‍ය දේපළ ධූරය අවසන් වීමෙන් පසු යළි රජයට ලබා නොදී පරිහරණය කරමින් සිටින බවයි. ඔවුන්ට එරෙහිව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සැරසෙන බවද වාර්තා කළා.

නමුත් මේ වන විටත් එම රාජ්‍ය දේපළ බොහොමයක් බාරදී නොමැති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් සිරිපාල හෙට්ටිආරචිචි ප්‍රකාශ කළා. බොහෝ දෙනෙකු නිල වාහන ලබාදී ඇතත් නිල නිවාස මෙතෙක් බාර දී ඇත්තේ ඉතාමත් සුළු පිරිසක් පමණක් බවද ඔහු ප්‍රකාශ කළා.

ඒ අනුව මේ වන විට දෙවන සිහි කැඳවීම් ලිපියත් නිකුත් කර ඇති බව පැවසූ ලේකම්වරයා කියා සිටියේ ඔවුන් භාවිතා කරන නිල නිවාස සඳහා දඩ කුලියක් අය කිරීමට තීරණය කර ඇති බවයි.

මේ අතර දූෂණය පිටු දැකීමේ තරුණ නීතිවේදීන්ගේ එකමුතුව නැමැති සංවිධානය විසින් අදාළ ඇමතිවරුන් සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඉල්ලීමක් ඉදිරිපත් කිරීමටත් තීරණය කර ඇති අතර ලැබෙන තොරතුරු මත රාජ්‍ය දේපළ බාර නොදී සිටින අය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි කිරීමට තීරණය කළ බව එහි කැඳවුම්කරු රිවිර.lkට ප්‍රකාශ කළා.

සම්බන්ධිත පුවත්
හිටපු ඇමතීන් නිල නිවාස, වාහන, ආරක්ෂකයින් බාරදීලා නෑ
ඇමති සැප අත් නොහැරි ඇමතීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරයි
යහපාලන ඇමතීන් මුල් වසර 2 දීම මිලියන 3215ක් සැප වාහන අරන්

Rivira FB Group Rivira Youtube
Rivira Ads

Rivira.lk අන්තර්ජාල පුවත්පත.

විමසීම් සහ පුවත් යොමු කිරීම් - rivira@rivira.lk

Copyright © 2019 Rivira.lk

To Top