News

ස්විස් සේවිකා ගානියා ෆ්‍රැන්සිස්ටත් ඇප

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල සේවිකාවක වන ගානියා බැරිස්ටර් ෆැරැන්සිස් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදාහැර තිබේ.

ඒ අද (දෙසැම්බර් 30) යළි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට සැකකාරිය ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

රජය කෙරෙහි අපකීර්තියක් ඇතිවන අයුරින් කටයුතු කිරීම සහ සාවද්‍ය සාක්ෂි නිර්මාණය කිරීම යන චෝදනාව මත අත්අඩංගුවට ගෙන අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කර තිබුණි.

ඊට සහභාගීවීම සඳහා ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක්ද අධිකරණය වෙත පැමිණ සිටි අතර ඇයව පැහැරගත් බව කියූ සිද්ධියක් සම්බන්ධයෙන් මුලදී පරීක්ෂණ ආරම්භ විය.

නමුත් පරීක්ෂණවලින් සොයා ගත් කරුණු හේතුවෙන් ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය දෙසැම්බර් 16වැනිදා අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ ඇයව පැහැරගත් බව පවසමින් ස්විස්ට්ර්ලන්ත තානාපති කාර්යාලයෙන් සිදුකළ පැමිණිල්ලකට අනුව සිදුකළ පරීක්ෂණවලින් අනතුරුව ඇය විසින් රජය කෙරෙහි අපකීර්තියක් ඇති වන ආකාරයෙන් කටයුතු කිරීම සහ ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ගයකදී භාවිත කිරීමේ අරමුණින් සාවද්‍ය සාක්ෂි නිර්මාණය කිරීම යන චෝදනා මතයි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads

Rivira.lk අන්තර්ජාල පුවත්පත.

විමසීම් සහ පුවත් යොමු කිරීම් - rivira@rivira.lk

Copyright © 2019 Rivira.lk

To Top