දේශීය පුවත්

පාසල් ආරම්භය ජනවාරි 2, පාසල් 47ක ආරම්භය ජනවාරි 6 වැනිදා

2020 වර්ෂයේ පළමු පාසල්වාරය හෙට (‍ජනවාරි 2) ආරම්භ වීමට නියමිතයි.

නමුත් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පළමු අදියරේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු සදහා යොදා ගන්නා පාසල් 47 ක පළමු වාරය ජනවාරි 6 වන දින ආරම්භ කිරීමට නියමිතයි. සාමාන්‍ය පෙළ විභාගයේ පළමු අදියරේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු පසුගිය දෙසැම්බර් 26 වනදා ආරම්භ වූ අතර ජනවාරි 4 වන දින දක්වා එම අදියරට අදාළ ඇගයීම් කටයුතු සිදු කිරීමට සැළසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එම ඇගයීම් කටයුතුවලට භාවිතා කළ පාසල් 84 අතරින් පාසල් 37 ක පළමු පාසල් වාරය නියමිත පරිදි ජනවාරි 2 දින ආරම්භ වන අතර සෙසු පාසල් 47 පළමු පාසල් වාරය සදහා ජනවාරි 6 වන දින ආරම්භ කිරීමට නියමිත බවද විභාග කොමසාරිස්වරයා පැවසීය.

නව වර්ෂය සඳහා අවශ්‍ය සියලු පෙළපොත් මේ වන විට සියලු පාසල් වෙත බෙදා හැර අවසන් බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්.එම්.එම්. රත්නායක මහතා පැවසුවේ පාසල් නිල ඇඳුම් වවුචර් පත් ද විදුහල්පතිවරුන් වෙත ලබාදී ඇති බවයි.

උත්තර පත්‍ර ඇගයීම සඳහා යොදා ගත් පාසල් ලැයිස්තුව පහළින්

උත්‍තර පත්‍ර ඇගයීම් සිදුකරන පාසල් ලැයිස්තුව by Rivira Media on Scribd

Rivira FB Group Rivira Youtube
To Top