,

හපුතලේ ගුවන් අනතුරින් 4 දෙනෙකු ජීවිතක්ෂයට

හපුතලේ ප්‍රදේශයේදී ගුවන් යානයක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරින් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ගුවන් හමුදාව පවසයි.

අනතුරට ලක්වු යානය වීරවිල සිට පියාසර කිරීම ආරම්භ කළ ගුවන් හමුදාවට අයත් Y12 වර්ගයේ ගුවන් යානයක් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව තහරවුරු කර තිබේ.

මුලින් වාර්තා වූයේ අනතුරට ලක්වූයේ හෙළිකොප්ටර් යානයක් බවයි. එහෙත් එය ගුවන් ආවේක්ෂණ කටයුතුවල නිරත වූ ගුවන් යානයක් බවත් ගුවන් නියමුවන් දෙදෙනෙකු හා ගුවන් නිරීක්ෂකයින් දෙදෙනෙකු එහි ගමන් කර ඇති බවත් ගුවන් හමුදාව පැවසීය.

අනතුරින් යානයේ ගමන් කළ ගුවන් හමුදා නිලධාරීන් සිව්දෙනාම ජීවිතක්ෂයට පත් වී ඇති බව ගුවන් හමුදාව ප්‍රකාශයට පත් කර ඇත.

එම අනතුර සිදුවූ ස්ථානය අසල පිහිටි නිවසක සිටි කාන්තාවක්ද තුවාල ලබා හපුතලේ රෝහලට ඇතුළත් කර ඇති බවද රෝහල් ආරංචි මාර්ග කියා සිටී.

Rivira Ads