,
News

පාර්ලිමේන්තුවේ නව තනතුරු සඳහා පත් කෙරේ

ජනාධිපතිවරණයෙන් නව රජයක් බලයට පත්වීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ ප්‍රධාන තනතුරු සියල්ල නැවත තෝරාපත් කර ගත යුතුව තිබුණි. ඒ අනුව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක, සභානායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක යන තනතුරුවලට අදාළ පත්කිරීම් ජනවාරි 3 දින නව සැසිවාරය ආරම්භ කිරීමෙන් පසු නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි.

පාර්ලිමේන්තුවේ නව සභා නායකයා ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පත් කිරීමටත්, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පත් කිරීමටත් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබූ අතර කතානායකවරයා විසින් ඊට අදාළ නිවේදනය නිල වශයෙන් සිදු කෙරිණි.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත් කරන ලෙස එජාප මහලේකම්වරයා කතානායකවරයාගෙන් මීට පෙර ඉල්ලා තිබුණි. මීට අමතරව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ගයන්ත කරුණාතිලක මහතා පත් කිරීමටත් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබුණි. ඒ අනුව කතානායකවරයා ඒ බව නිල වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

Rivira Ads
To Top