ආණ්ඩුවේ නව ප්‍රකාශකයින් ලෙස ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ විදුලිබල රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන් පත් කර තිබේ. ආණ්ඩුවේ කටයුතු සම්බන්ධයෙන් මාධ්‍ය විසින් සිදුකරනු ලබන විමසීම්වලට ප්‍රතිචාර දැක්වීම සහ ආණ්ඩුවේ ඉදිරිගමන් මග පිළිබඳ රට දැනුවත් කිරීම ඔවුන්ගේ වගකීමයි.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට පැමිණෙන මාධ්‍යවේදීන් ආණ්ඩුවේ කටයුතු සහ රටේ වැදගත් ප්‍රශ්න ඇසීම සඳහා වැඩි අවස්ථාවක් ලබා ගනිමින් කැබිනට් තීරණ සඳහා මාධ්‍ය තුළ අඩු ඉඩක් වෙන් කිරීම නිසා මෙම තීරණය ගෙන ඇති බවද පැවසේ.
ඒ අනුව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව කැබිනට් තීරණ දැනුම් දීමට හා ඒවාට අදාළ ගැටළුවලට පමණක් සීමා කිරීම අපේක්ෂා කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

