අධ්‍යාපන, තරුණ කටයුතු හා ක්‍රීඩා කැබිනට් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින් අධයාප අමාත්‍යංශයේ ආයතන කිහිපයකට අයත් කාර්ය හා කර්තව්‍ය රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය වෙත පවරා තිබෙනවා. ඒ 2156/15 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගිනි.
ඒ අනුව අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව, ශ‍්‍රී ලංකා ග‍්‍රන්ථ සංවර්ධන මණ්ඩලය, ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩලය, පිරිවෙන් අධ්‍යාපන මණ්ඩලය හා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව යන රාජ්‍ය ආයතන රැසක් සම්බන්ධයෙන් සොයා බැලීමේ, මැදිහත්වීමේ හා සම්බන්ධීකරණය කිරීමේ අවස්ථාව රාජ්‍ය අමාත්‍යවරයාට ලැබී ඇත.
මීට පෙර තරුණ කටයුතු අමාත්‍යංශයේ වගකීම් ඩලස් අලහප්පෙරුම විසින් රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක වෙත පවරා තිබූ අතර තමා යටතේ සිටින රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනාටම ස්ව කැමැත්තෙන්ම කාර්ය හා කර්තව්‍ය පැවරූ එකම අමාත්‍යවරයා වී ඇත්තේ ඩලස් අලහප්පෙරුමයි.

සම්බන්ධිත පුවත්
ඇමති ඩලස්, තරුණ කටයුතු රාජ්‍ය ඇමති දුමින්දට පවරයි

