ක්‍රීඩා

ක්‍රීඩා ඇමති ඩලස්, ක්‍රිකට් තේරුම් කමිටුවට අවවාද කරයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග තුනකින් යුත් 20/20 සංචිතයට සිය අනුමැතිය ලබා ගැනීමට කල් තියා තමන් වෙත යොමු නොකිරීම සම්බන්ධයෙන් කී‍්‍රඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, කි‍්‍රකට් තේරීම් කමිටුවට දැඩි ලෙස අවවාද කර තිබෙනවා.

කී‍්‍රඩා පනතට අනුව යම් සංචාරයක් සදහා තෝරා ගන්නා ලද කණ්ඩායමක් දිවයිනෙන් පිටත්ව යාමට දින 14කට පෙර කී‍්‍රඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සදහා යොමු කළ යුතු බව ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළේය.

එවැනි තත්වයක් තුළ ඉන්දීය සංචාරයට එක්වන ශී‍්‍ර ලංකා 20/20 සංචිතය සිය අනුමැතිය ලබා ගැනීමට යොමුකර ඇත්තේ එම කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යාමට දින 3කට පෙර බවයි කී‍්‍රඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පෙන්වා දෙන්නේ. මින් ඉදිරියට කී‍්‍රඩා පනත උල්ලංගණය වන අයුරින් කටයුතු නොකරන ලෙස තමන් කි‍්‍රකට් තේරීම් කමිටුවට දැඩි ලෙස අවවාද කළ බවද ඩලස් අලහප්පෙරුම කියා සිටියා.

ප්‍රමාණවත් කාලයක් ලබා නොදී සංචිතයක් ඉදිරිපත් කිරීම හරහා එහි වෙනස් කිරීමක් සිදුකිරීමට තබා එම තීරණ ගත් ආකාරය පිළිබඳ විමසීමටවත් ඉඩක් නොලැබෙන බව අමාත්‍යවරයාගේ අදහසයි. එලෙස ප්‍රමාණවත් කාලයක් නොමැතිව සංචිතයක් ඉදිරිපත් කරන්නේ ද සංචිතය වෙනස් නොකරන අරමුණින්මදැයි සැකයක් ඇති වන බවත් ක්‍රීඩා අමාත්‍යංශ නිලධාරින් අමාත්‍යවරයාට පැමිණිලි කර තිබෙනවා.

කෙසේ වෙතත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පළමු තරඟය ජනවාරි 5 වැනිදා ගුවාටි හිදි පැවැත්වීමට නියමිතව තිබුණත් වර්ෂාව හේතුවෙන් තරඟය අත්හැර දැමීමට සිදු වී තිබෙනවා. දෙවන තරඟය ජනවාරි 7 වනදා ඉන්දෝර් හිදී සහ තෙවන තරඟය පුනේ හිදීත් පැවැත්වීමට නියමිතයි.

සියලූම තරග ශ්‍රී ලංකා වේලාවෙන් රාතී‍්‍ර 7ට ආරම්භ වීමට සූදානම් කර තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
To Top