පුද්ගලයින් 176 දෙනෙකු සමඟ යුක්රේන බෝයිං -737 මගී ගුවන් යානයක් ඉරානයේදී අනතුරට ලක්ව ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි.
එම යානයේ සිටි මගීන් 167 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 9 දෙනාම ජීවිතක්ෂයට පත් ව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මීට පෙර විදෙස් වාර්තා සඳහන් කර තිබුණේ එහි මගීන් 180 දෙනෙකු සිටි බවයි.
ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඉමාම් කොමේනි ගුවන්තොටුපළෙන් ගුවන් ගත වූ සැණින් යුක්‍රේන් ඉන්ටර්නැෂනල් එයාර්ලයින්ස් සමාගමට අයත් එම යානය අනතුරට ලක්ව ඇති බව ඉරානයේ ෆාර්ස් රාජ්‍ය පුවත් ඒජන්සිය පවසයි.
මූලික වාර්තාවලට අනුව යානය යුක්රේන අගනුවර වන කියෙව් වෙත යමින් සිටියදී ය.
මෙම සිදුවීම ඉරාන-එක්සත් ජනපද ගැටුමට සම්බන්ධ දැයි පැහැදිලි නැත.
ගුවන් යානය අනතුරට පත්වූ ගුවන් තොටුපල අසල ප්‍රදේශයට මුදා ගැනීමේ කණ්ඩායම් යවා ඇතැයිද වාර්තා වේ.
ඉරානයේ හදිසි සේවා අංශයේ ප්‍රධානී පිරොසොයින් කෞලිවාන්ඩ් ෆාර්ස් රාජ්‍ය රූපවාහිනියට පවසා ඇත්තේ යානය කඩා වැටි තිබූ ස්ථානය ගිනිගනිමින් පැවති බැවින් කිසිවෙකු මුදා ගැනීමට හැකියාවක් නොලැබුණු බවයි.
මෙම පුවත නවතම තොරතුරු සමඟ යාවත්කාලීන කරනු ලබන බව කරුණාවෙන් සළකන්න. එයින් මෙම පුවතට අදාළ සියළු තොරතුරු එකම දිගුවක් ඔස්සේ කියවීමට අවස්ථාව හිමි වේ.

