දේශපාලන

මුස්ලිම් විවාහ පනත අවලංගු කරන්න රතන හිමිගෙන් පාර්ලිමේන්තුවට යෝජනාවක්

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත අහෝසි කිරීම සඳහා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී, පූජ්‍ය අතුරලියේ රතන හිමියන් කටයුතු කර තිබෙනවා.

එම පනත තුළින් නීතිය ඉදිරියේ සියළු දෙනා සමාන බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති අයිතිය උල්ලංඝනය වන බවට සමාජ මතයක්ද ගොඩ නැගී තිබෙනවා. අඩු වයස් විවාහ, බහු විවාහ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත යටතේ නීතිගත කර තිබෙනවා.

වයස අවුරුදු 16ට අඩු ගැහැණු දරුවෙකු සමග ලිංගික සබඳතාවයක් පැවැත්වීම සාමාන්‍ය නීතිය යටතේ ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයක් ලෙස සළකා බරපතල දඩුවම් නියම කරන අතර මුස්ලිම් වැසියන්ට 16ට අඩු කුඩා දැරියන් විවාහ කර ගැනීමට අවසර ලබා දී තිබෙනවා.

බහු විවාහයද සාමාන්‍ය නීතිය යටතේ අපරාධ වරදක් වුවත් මුස්ලිම් විවාහ පනත යටතේ විවාහ 4ක් දක්වා ඉඩ දී තිබෙනවා.

මෙය ජාතීන් අතර සුහදතාවයට ප්‍රබල මරු පහරක් බව එම පනතට විරෝධය දක්වන පිරිසගේ අදහසයි.

එහෙත් එය මුස්ලිම් ජනතාවගේ අනන්‍යතාවයක් බව එම පනතට සහයෝගය දක්වන පිරිස් පවසනවා.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top