ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති ලෙස මහාචාර්ය මුදිත විදානපතිරණ සහ නියෝජ්‍ය සභාපති ලෙස නීතිඥ සුජාතා අලහප්පෙරුම, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් විසින් පත් කර තිබෙනවා.
ඊට අදාළ පත්වීම් ලිපි ජනවාරි 8 දින අමාත්‍යවරියගේ අතින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අමාත්‍ය කාර්යාලයේ දී ලබාගන්නා ලදි.
සභාපතිවරයා ලෙස පත් වූ මහාචාර්ය මුදිත විදානපතිරණ, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබද අධ්‍යයන අංශයේ මහාචාර්යවරයෙක් වේ. ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වේ. පසුව කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය ලැබුවේ 1994 වසරේය. කොළඹ විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයෙන් අධිකරණ වෛද්‍ය විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව හදාරා තිබෙන ඔහු 2001 නොවැම්බර් මාසයේ අධිකරණ වෛද්‍ය විශේෂඥ උපාධිය (MD) සම්පූර්ණ කර තිබේ. ග්ලාස්ගෝ විශ්ව විද්‍යාලයෙන් අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය ලද වෛද්‍ය මුදිත විදානපතිරණ 2004 වසරේ කරාපිටිය වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යා දෙපාර්තමේන්තු ප්‍රධානියා ලෙස පත්විය. 2008 වසරේ අපරාධ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති (MA) උපාධිය ද ලැබුවේය. ගත් කතුවරයකු ලෙස කෘතීන් හතරක් ලියා පළ කර ඇති වෛද්‍ය මුදිත විදානපතිරණ 2016 අප්‍රේල් මස අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ අධ්‍යයන අංශයේ මහාචාර්ය පදවිය ලැබිය.
නියෝජ්‍ය සභාපතිවරිය ලෙස පත් වූ නීතිඥ සුජාතා අලහප්පෙරුම, විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරියකි. නීතිඥ සුජාතා අලහප්පෙරුම, මාතර ශාන්ත මරියා කන්‍යාරාමයේ ආදි ශිෂ්‍යාවකි. නීති විද්‍යාලයට ඇතුළත්ව නීතිඥවරියක් වූ ඇය පසුව අධිකරණ සේවයට සම්බන්ධ වී තිබේ. දිවයිනේ ප්‍රදේශ කිහිපයක මහාධිකරණ විනිසුරුවරියක ලෙස සේවය කර තිබේ.

