පාස්කු ප්‍රහාරයෙන් පසු කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයන් හි දැවැන්ත කඩා වැටීමක් ජනවාරි 8 දින වාර්තා විය. එහිදී දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 127.25 කින් පහළ ගොස් ඒකක 5,898.84 ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 75.54 කින් පහළ ගොස් ඒකක 75.54 ක් ලෙසින් වාර්තා විය.
කොළඹ සියලුම කොටස් මිල දර්ශකය (ASPI) 5,898.89 ක් ලෙස සටහන් වූ අතර එය පිට පිට තෙවැනි දිනටත් පහත වැටුණි. S&P SL20 දර්ශකය පෙර දිනයට සාපේක්ෂව පිළිවෙලින් 2.11% ක් සහ 2.64% ක් වශයෙන් දිනය තුළ පහළ යන ලදී.
දිනය තුල ගනුදෙනු පිරිවැටුම රුපියල් මිලියන 624.43 කි. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව, ASPI සියයට 3.63 කින් පහත වැටීමත් සමඟ, 2019 අපේ‍්‍රල් 23 න් පසු කොළඹ කොටස් වෙළඳපොලේ දැවැන්තම පහත වැටීම 2020 ජනවාරි 8 වන බදාදා දින සිදු විය.
අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර ඇතිව තිබෙන අර්බුදකාරී තත්වය හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලද ඉහළ යමින් තිබේ. ශ්‍රී ලංකාව එක්සත් රාජධානිය වෙත සිදුකරනු ලබන ගුවන් සංචාරවලදී ඉරාන හා ඉරාක ගුවන් කලාප මග හැරීමටද තීරණය කර තිබේ.
ගල්ෆ් කලාපය යළිත් වරක් උණුසුම් වීමත් සමඟම එහි බලපෑම සමස්තයක් වශයෙන් ලොවපුරා ප්‍රාග්ධන වෙළෙඳපොළ වෙත එල්ල වෙමින් පවතින බවත්, එවැනි ගෝලීය අර්බුදකාරී තත්වයකදී ශ්‍රී ලංකාව වැනි කුඩා ආර්ථිකයක් සහිත රටක් ක්ෂණික බලපෑමකට ලක් වන බවත් ආර්ථික විද්‍යාඥයින්ගේ මතයයි. ඔවුන් පවසන්නේ 2020 ශ්‍රී ආර්ථිකය යම් වර්ධනයක් අපේක්ෂා කරන වර්ෂයක් බවයි. රටක් වශයෙන් ජාත්‍යන්තර සිදුවීම්වලට එතරම් සංවේදී නොවුනත් මෙවැනි බලපෑම් හේතුවෙන් කෙටි කාලීන බිඳ වැටීම් ආර්ථිකයට සිදුවිය හැකි බව ඔවුන් පවසනවා.

