දේශීය පුවත්

ස්විස් සේවිකාවට සෑම මසකම CIDය හමුවට ඉදිරිපත් වන ලෙස නියෝග

පැහැරගැනීමකට ලක් වූ බවට මුලින් කියූ ස්වීස් තානාපති කාර්යාලයේ සේවිකා ගාර්නියා බැරිස්ටර් ෆ්‍රැන්සිස්ගේ ජංගම දුරකතනය අධිකරණයට බාර දෙන ලෙස කළ නියෝගයකට අනුව එම ජංගම දුරකතනය ජනවාරි 9 දින අධිකරණයට බාර දී තිබේ.

ඒ නඩුව යළි කැඳවූ අවස්ථවේදීයි. එම ජංගම දුරකතනය රස පරීක්ෂකට යොමු කර වාර්තාවක් ලබාගෙන එම වාර්තාව ජනවාරි 21 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන්නැයිද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කළාය.

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවට, සෑම මසකම අවසන් ඉරිදා දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ඉදිරිපත් වන ලෙස ද අධිකරණය නියෝග කර ඇත.

Rivira FB Group Rivira Youtube
To Top