රුපියල් දසදහසක මුදලක් (රු. 10,000) “අල්ලස් ලෙස ලබා ගැනීමේ” චෝදනාවට වරදකරු වු අරලගංවිල පොලිසියේ රාජකාරී කළ පොලිස් පරීක්‍ෂවරයකුට සහ කොස්තාපල්වරයකුට වසර 28 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහෙන්ද්‍රන් මහතා ජනවාරි 9 දින නියෝග කළේය.
2009 වර්ෂයේ සිදුවීමකට අදාළව අල්ලස් කොමිසමෙන් මෙම නඩුව පවරා තිබේ. 2009 වසරේ අරලගංවිල පොලිසියේ සේවය කළ අවස්ථාවේදී “නීති විරෝධී ලෙස ගෝන මස් තොගයක් ළඟ තබා ගැනීමේ” සිද්ධියක් සම්බන්ධ සැකකරුවකුට එරෙහිව නීති මගින් කටයුතු නොකිරීම සඳහා විත්තිකරුවන්ගෙන් රුපියල් 10,000 ක මුදලක් ඉල්ලා තිබීම මීට පාදක වී තිබෙනවා.
ඒ අනුව විත්තිකරුවන් අල්ලස් කොමිසමට කළ දැනුම් දීමකට අනුව එම කොමිසමේ උපදෙස් ප්‍රකාරව එම මුදල අල්ලස් වශයෙන් ලබා දී තිබෙන අතර එය ලබා ගන්නා අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් එම සැකකරුවන් දෙදෙනා අත් අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ මහාධිකරණ අංක 2 අධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් 2020 ජනවාරි 9 වන දින තීන්දුව ලබා දෙමින් උප පොලිස් පරික්‍ෂකට විරුද්ධව ඉදිරිපත්කර තිබූ චෝදනා 4ට එක් චෝදනාවට වසර 7බැගින් බරපතල වැඩ සහිත සිර දඩුවම් හා රු.5,000/- බැගින් දඩ නියම කරන ලද අතර පොලිස් කොස්තාපල්වරයාට විරුද්ධව ඉදිරිපත්කර තිබූ චෝදනා 3ට එක් චෝදනාවට වසර 7බැගින් බරපතල වැඩ සහිත සිර දඩුවම් හා රු.5,000/- බැගින් දඩ නියම කරන ලදී.
ඒ අනුව, උප පොලිස් පරික්‍ෂකට සම්පූර්ණ වසර 28ක බරපතල වැඩ සහිත සිර දඩුවම් හා රු.20,000/- දඩයක්ද, පොලිස් කොස්තාපල්ට වසර 21ක බරපතල වැඩ සහිත සිර දඩුවම්හා රු15,000/- ක දඩයක්ද කොළඹ මහාධිකරණය විසින් නියමකර ඇත.
පසුගිය දිනෙක ව්‍යාපෘතියක් සඳහා රු. කෝටි 2ක අල්ලස් මුදලක් ලබා ගැනීමේ දී අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් බව කියූ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා සහ හිටපු දැව සංස්ථා සභාපතිවරයාට එරෙහිව අල්ලස් කොමිසම පැවරූ නඩුවෙන් වරදකරු වූ විත්තිකරුවන්ට ලැබුණේ වසර 20ක සහ වසර 12ක සිරදඬුවම් වීමද විශේෂත්වයකි.
සම්බන්ධිත පුවත්
රජයේ ඉහළ නිලයන් දැරූ මහානාම-පියදාස මිලියන 20 අල්ලස් නඩුවේ සියලු තොරතුරු මෙන්න

