දේශපාලන

පින්සල, උදැල්ල අතට ගත් තරුණයින්ගේ ජාතික හැඟීම ලෝකය ජයගන්න මාවත් විවෘත කරා – අගමැති මහින්ද

රට ලස්සන කිරීමේ අරමුණින් චිත්‍ර අදින, පුරන් කුඹුරු අස්වද්දමින් රට සශ්‍රීක කිරීමට උත්සාහ කරන තරුණ ප්‍රජාවගේ මෙම අවංක හැගීම මගින් ලෝකය ජය ගැනීමේ හැකියාව ඇතැයිද, ජනාධිපතිවරණ ජයග්‍රහණ සැමරුම හා ඉදිරි වැඩපිළිවෙල” මැයෙන් (2020.01.09) අරලිය ගහ මන්දිරයේ පැවැති පොදුජන තරුණ සමුළුව අමතමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පැවසීය

අණකිරීමක්, බලකිරීමක්, ව්‍යාපෘති වාර්තා හෝ විදේශ ආධාර එනතෙක් නොසිට රට ගැන වූ අවංක හැගීමෙන් තරුණයින් කටයුතු කිරීම නව රජය අගය කරන බවද අගමැතිවරයා ප්‍රකාශ කළේය. තරුණ ප්‍රජාව තුල ඇතිව තිබෙන මේ අභිමානවත් හැඟීම රැකගත යුතුව ඇති බවද අගමැතිවරයා පෙන්වා දුන්නේය.

“ඉතිහාසයේ හැමදාම ආණ්ඩු කළේ ප්‍රශ්න විකුණගෙන කන එක. ප්‍රශ්න විසදන්න අත ගහන්නේ නැතුව පැත්තකට වෙන එක. වසර 30ක් යුද්දෙ කෙරුණෙ ඒ නිසා. නමුත් ඉතිහාසය ඔප්පු කරලා තියෙනවා අපි එහෙම මිනිස්සු නෙවෙයි කියලා. අපි ප්‍රශ්න විසදන රජයක්. අභියෝග භාරගන්න රජයක්. ඒ අභියෝග භාර ගන්න ඔබගේ නොමසුරු සහයෝගය මම බලාපොරොත්තු වෙනවා” යැයිද අගමැතිවරයා සභාව අමතමින් ප්‍රකාශ කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා, ප්‍රවාහන සේවා කළමණාකරණ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා, උසස් අධ්‍යාපන තාක්ෂණ නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, සමාජ ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය ඇතුළු මැති ඇමතිවරුන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Rivira FB Group Rivira Youtube
To Top