ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යන සියලූම මද්‍රසා පාසල් මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.
බුද්ධ ශාසන, ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම ජනවාරි 8 දින අමතමින් අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා සඳහන් කළේ මද්‍රසා පාසල්වල උගන්වනු ලබන විෂය මාලාව පිළිබද විධිමත්ව පරික්ෂණයක් සිදුකරන ලෙසට හා එම විෂය මාලාව පිළිගත් ක්‍රමවේද අනුගමනය කරමින් සකස් කරන ලෙසට අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
දැනට පවත්වාගෙන යන මද්‍රසා පාසල් රජයේ නියමිත ලියාපදිංචියකින් තොරව පවත්වාගෙන යන බවද මෙම රැස්වීමේදී හෙළිදරව් වී තිබේ. එම නිසා අදාළ පාසල් නියාමනය කිරීමේ අවස්ථාවක් රජයට හිමි වී නැති බවද පැවසෙනවා. එබැවින් මෙලෙස ලියාපදිංචි කිරීම අනිවාර්ය කිරීම තුළින් එම පාසල් නියාමනය කිරීමේ අවස්ථාව රජයට හිමි වන බව මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු පැවසීය.
මීට අමතරව මුස්ලිම් ආගමිකයින් මක්කම වන්දනාවේ යැවීමේදී හා සහන සැලසීමේදී දුප්පත් මුස්ලිම් ආගමිකයින්ට හා එක් වරක්වත් මක්කම වන්දනාවේ නොගිය අයට ප්‍රමුඛතාවය ලබා දීමට පියවර ගන්නා ලෙසද අගමැතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

