යහපාලන ආණ්ඩුව ආරම්භ කළ සමා සුබසාධන ව්‍යාපෘති රැසක් වත්මන් ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කිරීම අත්හිටුවා ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රානි බණ්ඩාර පැවසුවාය.
මාධ්‍ය හමුවක් කැඳවමින් ඇය මේ බව ජනවාරි 12 වැනිදා සඳහන් කළාය.
ගැබිණි මව්වරුන් වෙනුවෙන් යහපාලන රජය මගින් ආරම්භ කළ පෝෂණ මල්ලක් ලබා දීමේ වැඩසටහන මේ රජය යටතේ නවතා දමා ඇති බව තමන් වෙත වාර්තා වූ බව මන්ත්‍රීවරිය පැවසීය.
පාසල් දරුවන්ගේ නිල ඇඳුම් වෙනුවට ලබා දෙන වව්චරයද නියමිත වේලාවට ලබා දීමට නව රජය අපොහොසත් වී ඇතැයිද මන්ත්‍රිවරිය චෝදනා කළාය.
හඬපට වැනි අවශ්‍ය නොවන කරුණු ඉස්මතු කිරීම හරහා ජනතාවට බලපාන අත්‍යවශ්‍ය කරුණු යටපත් කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවද චන්ද්‍රානි බණ්ඩාර මන්ත්‍රීවරිය සඳහන් කළාය.

