අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බන්ධයෙන් ප්‍රබල දේශපාලනඥයින් කිහිපදෙනෙකු හා උසස් රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් වැදගත් පරීක්ෂණ පැවැත්වෙමින් පවතින බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
ඒ අතර දැනට ඇමතිධූර දරන හා මීට පෙර ඇමතිධූර දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් ඇතුළු බොහෝ දෙනෙකු සම්බන්ධ පරීක්ෂණ ඇති බව දැන ගැනීමට ලැබේ. එහෙත් ඔවුන් සම්බන්ධයෙන් අදාළ රාජ්‍ය ආයතනවලින් තොරතුරු ලබා දීමේ ප්‍රමාදයක් තිබෙන බවද එම ආරංචි මාර්ග කියා සිටී.
මීට අමතරව බඳවා ගැනීමට නියමිතව තිබූ විමර්ශන නිලධාරීන් 200 දෙනෙකු, නිවාරණ නිලධාරීන් 50 දෙනෙකු හා නීති සහයකයින් 17 දෙනෙකු බඳවා ගැනීමට අදාළ සියළු කටයුතු අවසන් කර තිබියදීත් “භාණ්ඩාගාරයේ මුදල් නොමැති බව පවසමින් බඳවා ගැනීම් අත්හිටුවා” ඇතැයිද වාර්තා වේ. ඒ හේතුවෙන් විමර්ශන කටයුතු සඳහා කොමිෂන් සභාවේ ප්‍රමාණවත් තරම් නිලධාරීන් නොසිටීම හේතුවෙන් තවත් පරීක්ෂණ බොහොමයක් ප්‍රමාද වෙමින් පවතින බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි. මෙලෙස පරීක්ෂණ ගොඩ ගැසීම හරහා ඒවාට අදාළ තොරතුරු විනාශ වී යා හැකි බවද එම ආරංචි මාර්ග කියා සිටී.
සම්බන්ධිත පුවත්
අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් 200 තවමත් බඳවාගෙන නෑ

