දේශීය පුවත්

වෛද්‍ය සාෆි ගැන රාජ්‍ය සේවා කොමිසමෙන් විශේෂ නිවේදනයක්

අධිකරණය මගින් ඇප මත නිදහස් කර සිටින වෛද්‍ය සාෆි ශිහාබ්දීන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා මගින් රාජ්‍ය සේවා කොමිසමේ සෞඛ්‍ය සේවා කමිටුවෙන් ඉල්ලා ඇත්තේ තමාව නැවත සේවයේ පිහිටුවන ලෙසයි.

එහෙත් ඒ සම්බන්ධයෙන් වන පරීක්ෂණ සඳහා කැඳවා ඇති වාර්තා මෙතෙක් ලැබී නැති බැවින් වෛද්‍යවරයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් කිසිඳු තීරණයක් ගෙන නැති බව ජනවාරි 13 දින විශේෂ නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය සේවා කොමිසම සඳහන් කර සිටී.

එමෙන්ම සිදුවීම සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිවරයා හෝ ජනාධිපති කාර්යාලයේ කිසිඳු නිලධාරියෙකු කිසිවක් විමසා නොමැති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මේ සම්බන්ධයෙන් පළ වී ඇති මාධ්‍ය වාර්තා අසත්‍ය බවද නිවේදනයෙන් රාජ්‍ය සේව කොමිසම සඳහන් කර සිටී. එම නිවේදනය පහතින්.

Rivira FB Group Rivira Youtube
To Top