විදේශ

හැරී සහ මේඝන්ගේ ඉවත් වීම ගැන අවසන් තීරණය ගනී

බ්‍රිතාන්‍ය රජ පවුලට අයත්ව සිටි හැරී සහ මේගන් තවදුරටත් ඔවුන්ගේ HRH නාමයන් භාවිතා නොකරන අතර රාජකීය රාජකාරි සඳහා මහජන මුදල් වැය නොකරන බවත් බකිංහැම් මාලිගය නිවේදනය කරයි.

මෙම යුවළ තවදුරටත් නිල වශයෙන් රැජින නියෝජනය නොකරනු ඇති බව ද ජනවාරි 19 දිනැති එම නිවේදනයේ සඳහන්.

හැරී සහ මේඝන් යුවලගේ බ්‍රිතාන්‍යයේ ජීවත් වීමට අපේක්ෂිත නිවන වන ෆ්‍රොග්මෝර් කොටේජ් නැමැති නිවාසය අලුත්වැඩියා කිරීම සඳහා වැය කළ පවුම් මිලියන 2.4 ක බදු ගෙවන්නන්ගේ මුදල් ආපසු ගෙවීමටත් එම යුවල තීරණය කර ඇත.

මෙම නව විධිවිධානය මේ වසරේ වසන්තයේ සිට ක්‍රියාත්මක වන බව ද මාළිගාව පවසයි.

රජ පවුලේ ජ්‍යෙෂ්ඨයින් ලෙස සිටීමෙන් “ඉවත් වීමට” සහ එක්සත් රාජධානිය සහ කැනඩාව අතර කාලය බෙදා ගෙන ජීවත් වීමට අවශ්‍ය බව නිවේදනය කිරීමෙන් අනතුරුව රැජින, හැරී මේඝන් යුවළගේ අනාගතය පිළිබඳව සඳුදා සාකච්ඡා පවත්වා මෙම තීරණය ගෙන තිබේ.

ඉවත්වීම නිවේදනය කළ පසු ඇති වූ තත්ත්වය

සසෙක්ස් හි ආදිපාදවරයා වන හැරී කුමරු සහ ආදිපාදවරිය වන මේඝන් කුමරිය කැනඩාවේ සහ එක්සත් රාජධානියේ කාලය ගත කරන “සංක්‍රාන්ති කාල පරිච්ඡේදයක්” සඳහා බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජින එකඟ වී තිබේ.

නව භූමිකාවක් සඳහා වූ ඔවුන්ගේ අභිලාෂයට ඇය “පූර්ණ සහයෝගය” ලබා දෙන නමුත් “පූර්ණකාලීනව සේවය කරන රාජකීයයන් ලෙස ඔවුන් සිටිනු දැකීම” වඩාත් කැමත්තක් දක්වන යෝජනාව බවද ඇය කීවාය.

ඔවුන් මේ සම්බන්ධයෙන් ඉදිරි දිනවලදී අවසාන තීරණ ගනු ඇතැයි ඇය අපේක්ෂා කළාය.

ජ්‍යෙෂ්ඨ රාජකීයයන්, හැරී කුමරු සහ මේඝන්ගේ අවශ්‍යතාවය ගැන සාකච්ඡා කරමින් සිටින්නේ ඔවුන්ට “රජ පවුලෙන් බැහැර වීමට” ඇති අවශ්‍යතාවය පිළිබඳයි.

නිවේදනයක් නිකුත් කරමින් රැජින කියා සිටියේ වේල්ස් කුමරු සහ කේම්බ්‍රිජ් ආදිපාදවරයා සමග සැන්ඩ්‍රින්හැම්හි පැවති සාකච්ඡා “ඉතා ඵලදායී” බවයි.

“තරුණ පවුලක් ලෙස නව ජීවිතයක් නිර්මාණය කිරීමට හැරී සහ මේඝන්ගේ අභිලාෂයට මම සහ මගේ පවුලේ අය සහ මම මුළුමනින්ම සහාය දෙන්නෙමු,” ඇය පැවසුවාය.

“ඔවුන් රාජකීය පවුලේ පූර්ණකාලීන සාමාජිකයන් ලෙස සිටිනු දැකීමට අපි වැඩි කැමැත්තක් දැක්වුවද, අපේ පවුලේ වටිනා කොටසක් වෙමින් පවුලක් ලෙස වඩාත් ස්වාධීන ජීවිතයක් ගත කිරීමට ඔවුන් දක්වන කැමැත්ත අපි තේරුම්ගන්නා අතර ඊට ගරු කරන්නෙමු.” යැයි රැජින ප්‍රකාශ කළාය.

හැරී සහ මේගන් “තම නව ජීවිතයේදී මහජන අරමුදල් මත යැපීමට අකමැති බව පැහැදිලි කිරීමෙන්” පසුව හැරී සහ මේඝන් “කැනඩාවේ සහ එක්සත් රාජධානියේ කාලය ගත කරන සංක්‍රාන්ති කාල පරිච්ඡේදයක්” පිළිබඳ එකඟතාවයකට පැමිණීමට හැකි වූ බව ඇය පැවසුවාය.

මෙම තත්වයට හේතුව

යුවළගේ නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ජනවාරි 8 වන බදාදා දින ආදිපාදවරයා සහ ආදිපාදවරිය කියා සිටියේ උතුරු ඇමරිකාවේ කාලය ගත කිරීමටත් ජ්‍යෙෂ්ඨ රාජකීයන් ලෙස “පසුබැසීමට” අදහස් කරන අතරම ඔවුන් පැවසුවේ “පොදුරාජ්‍ය මණ්ඩලයට සහ රැජිනට අපගේ සේවය හා ගෞරවය ලබා දෙන” බවයි.

Rivira FB Group Rivira Youtube
To Top