Politics

රන්ජන් රාමනායගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි – එජාප මහලේකම්

හිටපු රාජ්‍ය අමාත්‍ය, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ජනවාරි 14 දින සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී මහලේකම්වරයා මේ බව සඳහන් කළේය. ඔහු සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් ආරම්භ කළ බවත් මහලේකම්වරයා සඳහන් කළේය.

හඬපට සම්බන්ධයෙන් රට තුළ උද්ගතව ඇති ව තිබෙන තත්වය මීට හේතු වූ බවද ප්‍රකාශ කෙරුණි.

Rivira FB Group Rivira Youtube
To Top