තරුණ පරපුරේ ජනප්‍රිය සංගීතඥයෙකු හා ප්‍රවර්ධන ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු ලෙස සැළකෙන අනුෂ්ක ඉරාජ් වීරරත්න ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත්කර තිබෙනවා.
මීට අදාළ පත්වීම් ලිපිය සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ අත්සනින් යුක්තව නිකුත් කර තිබෙනවා.
සංගීතඥයෙකු ලෙස බොහෝ දෙනෙකු හඳුනාගත්තද ඉරාජ් වීරරත්න අලෙවිකරණ ක්ෂේත්‍රයේ ඉහළ නමක් දිනා සිටින බව බොහෝ දෙනෙකු නොදන්නා කරුණකි. ඔහුගේ ව්‍යාපාර මේ වන විට ඉන්දියාව බංගලාදේශය වැනි රටවල පවා ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාව තුළද බොහෝ ක්ෂේත්‍රවල ආයෝජනය කර තිබෙන ඔහු ප්‍රබල සමාගම් රැසක ප්‍රවර්ධන කටයුතු සිදුකරමින් සිටී.

