,
Politics

එස්.බී සිය දේශපාලන දිවියේ අවසන් කාලයට

පසුගිය ජනාධිපතිවරණයේදී පොහොට්ටුවට නොලැබුණු මුස්ලිම් සහ ද්‍රවිඩ ජනතාවගේ ඡන්දය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කැපවිය යුතු බව ඉඩම් සහ ඉඩම් සංවර්ධනය කිරීමේ රාජ්‍ය අමාත්‍ය එස්.බී. දිසානායක ප්‍රකාශ කළේය.

නුවරඑළියේ හඟුරන්කෙතදී පැවති උත්සවයකට සහභාගී වෙමින් ජනවාරි 18 දින ඔහු මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් පළ කළ ඔහු පැවසුවේ මේ ගෙවී යන්නේ තම දේශපාලන දිවියේ අවසන් කාල වකවානුව බවයි. එබැවින් හඟුරන්කෙත ආසනය අනිවාර්යෙන් ජයග්‍රහණය කළ යුතුව තිබෙන බව ද අමාත්‍යවරයා පැවසීය.

එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී 2/3ක් එනම් ආසන 150ක් ලබා ගැනීම පහසු ඉලක්කයක් නොවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ එය ලබා ගැනීමට නම් ජනාධිපතිවරණයේ දී පරාජය පත්වූ දිස්ත්‍රික්ක 2ක් වන නුවරඑළිය සහ වව්නියාව ජයග්‍රහණය කළ යුතුව ඇති බවයි.

Rivira Ads
To Top