දේශීය පුවත්

පොලිස් ඉලක්කය වැරදී හිමිනමක් අපවත් වෙති

හුංගම ප්‍රදේශයේ දී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් එම මාර්ගයේ ගමන්ගත් වෑන් රථයකට වෙඩි වැදීමෙන් එහි සිටි ස්වාමීන් වහන්සේ නමක් අපවත් වී තිබේ.

ජනවාරි 19 දින පෙරවරුවේ හුංගම, හාතගල ප්‍රදේශයේ දී අදාළ අනතුර සිදුවී තිබෙන අතර අණ නොතකා ධාවනය කළ යතුරුපැදිය පසුපස ලුහු බැඳ ගිය පොලීසිය විසින් අණ නොතකා ධාවනය කළ අදාළ යතුරු පැදියේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුට ගැනීමට කටයුතු කිරීමේදී අත්අඩංගුවෙන් මිදී පලා යාමට උත්සාහ දරා තිබෙනවා. එම අවස්ථාවේ දී පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවියක් ක්‍රියාත්මක වී වෙඩිල්ලක් නිකුත් වී ඇති අතර එම වෙඩිල්ල ඒ අසළින් ගමන්ගත් වෑන් රථයකට වැදී ඇති බවයි පොලිසීය සඳහන් කරන්නේ.

මීට පෙර වාර්තා වූයේ අණ නොතකා පලා ගිය යතුරු පැදියට වෙඩි තැබීමේදී ඉලක්කය වැරදී ගොස් වෑන් රථයට වැදී ඇති බවයි. එහෙත් පොලීසිය සඳහන් කරන්නේ ගිණි අවිය ක්‍රියාත්මක වී ඇත්තේ අත්වැරැද්දකින් බවයි.

කෙසේ වෙතත් වෙඩි ප්‍රහාරයෙන් අපවත් වී ඇත්තේ හාතගල රජමහා විහාරයේ වැඩ වාසය කළ 21 හැවිරිදි වියේ පසුවූ බුත්තල සීලරතන හිමියන් බව වාර්තාකරු කියා සිටී. අපවත් වී වදාළ භික්ෂූන් වහන්සේ දහවල් දානයක් සඳහා වෑන් රථයකින් ගමන් කරමින් සිටින අවස්ථාවේ දී මෙම අවාසනාවන්ත සිදුවීමට භාජනය වී ඇතැයිද වාර්තා වේ.

අපවත් වී වදාළ පූජ්‍ය බුත්තල සීලරතන හිමිගේ දේහය අගුණකොලපැලැස්ස රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇතැයි එම රෝහලේ ආරංචි මාර්ග කියා සිටී.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top