ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට, තම පිරිස සමග ආණ්ඩු කිරීමේ අවස්ථාවක් ලබා දිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ජනවාරි 18 දින පක්ෂයේ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගී වෙමිනි.
“සමහරු කියන පරිදි ජනාධිපති ගෝඨාභයට, සජිත් තමයි හොඳම අගමැති වගේ කතා වැඩක් නෑ. එක පක්ෂෙකින් ජනාධිපති ඇවිත් තව පක්ෂයකින් අගමැති ආවොත් තිබුණා වගේම විකාරයක් වෙලා තමයි නවතින්නෙ. ඒ නිසා මහින්ද අගමැති වෙන ආණ්ඩුවක් හදාගන්න අවස්ථාව දෙන්න ඕනේ” යැයිද මන්ත්‍රීවරයා කියා සිටියේය.
දැන් පාර්ලිමේන්තුව විශාල විහිළුවක් වී ඇති බව ද මන්ත්‍රීවරයා පැවසීය. ඔහු ඒ බව පැවසුවේ රන්ජන් රාමනායකගේ බව කියන හඬපට පිළිබඳ අදහස් දක්වමිනි. “දැන් බලන්න, යාළුවො දෙන්නෙක් මචං ලෙවල් එකෙන්වත් කතා නොකරන දේවල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ මන්ත්‍රීවරියක් අතර කතා වෙනවා. විහිළුවක් වෙලා තිබුණු පාර්ලිමේන්තුව මේ තත්වයත් එක්ක විශාල විහිළුවක් බවට පත් වෙලා. කතා කරන දේවල් කතා කරන්න පවා නොගැලපෙන දේවල්” යැයිද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
එබැවින් ඉදිරි පාර්ලිමේන්තුවක් එසේ නොවීමට වග බලා ගැනීම ජනතාව සතු බවත් නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

