දේශපාලන

හඬපට නිසා මාධ්‍යවේදියෙකු අමාරුවක

හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකගේ සහ විදේශීය මාධ්‍ය ජාලයක දේශීය මාධ්‍යවේදියෙකු බව කියන පුද්ගලයෙකු අතර පැවැත්වූ බව කියන දුරකතන සංවාදයක් සමාජ මාධ්‍ය වෙත නිකුත් වී තිබෙනවා.

ඒ තුළින් “සජිත් ප්‍රේමදාසගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය සම්බන්ධයෙන් කළ යුතු දෑ සහ ඉදිරි වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් වන සාකච්ඡාවක්” අන්තර්ගත වී තිබෙන බවට සමාජ මතයක් ගොඩ නැගී තිබෙන අතර සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විසින් අදාළ මාධ්‍යවේදියාගේ සහ එම මාධ්‍ය ජාලයේ මධ්‍යස්ථ බව එයින් ප්‍රශ්න කර තිබෙනවා.

එම විදේශීය මාධ්‍ය ජාලයේ නිල වෙබ් අඩවියේ සඳහන් පරිදි ඔවුන්ගේ “කර්තෘත්වය පිළිබඳ අගනාකම්” අතර අපක්ෂපාතීත්වය (Impartiality) සහ කර්තෘත්ව අඛණ්ඩතාවය සහ ස්වාධීනත්වය “Editorial integrity and independence” සැමවිටම ආරක්ෂා කරන බව සඳහන් කර තිබෙනවා.

ඒ අනුව හඬපටය තහවුරු වුවහොත් අදාළ මාධ්‍යවේදියා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීම සිදුවිය හැක. කෙසේ වෙතත් මෙතෙක් අදාළ මාධ්‍යවේදියා පළ කරන තොරතුරු සම්බන්ධයෙන් ඉහළ විශ්වාසයක් පරිශිලකයින් අතර පැවති අතරම මාධ්‍ය හමුවල දී ඊට සහභාගී වන්නන්ගෙන් ඍජු ප්‍රශ්න කිරීම් නිසා සමාජ ජාල තුළ ජනප්‍රියත්වයට පත්ව සිටි මාධ්‍යවේදියෙකු ලෙස සැළකෙනවා.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top