දේශීය පුවත්

එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත සී.ඒ. චන්ද්‍රප්‍රේම

ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ලෙස සී.ඒ. චන්ද්‍රප්‍රේම පත් කිරීමට නිර්දේශ වී තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් අදාළ නිර්දේශ විදේශ සබඳතා අමාත්‍යංශය වෙත යවා ඇති අතර එම අමාත්‍යංශය විසින් පාර්ලිමේන්තුවේ උසස් නිලතල කමිටුවට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව පත් කිරීම සිදුකළ යුතුව ඇතැයි වාර්තා වේ.

එම නිර්දේශය අනුව සී.ඒ. චන්ද්‍රප්‍රේම ස්විට්සර්ලන්තයේ ජිනීවා හී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට නියමිත අතර එළැඹෙන පෙබරවාරි මස 24 දින ආරම්භ වන එම කවුන්සිලයේ 43 වැනි සැසිවාරයටද සහභාගී වීමට ද නියමිත බව විදේශ සබඳතා ආරංචි මාර්ග කියා සිටී.

Gota’s War කෘතියේ කර්තෘවරයා වන්නේ ද සී.ඒ. චන්ද්‍රපේම යි. ඔහු යුද්ධය සම්බන්ධයෙන් තීරු ලිපි රචකයෙක් ලෙස ද කටයුතු කර තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
To Top