දේශීය පුවත්

ගෝඨාභය පොරොන්දු වූ රැකියා 100,000ට බඳවා ගැනීම් ඇරඹෙයි, සියළු විස්තර මෙතැනින්

රැකියා ලක්ෂයක් (100,000) ලබා දීම වැඩසටහන යටතේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම සඳහා අයඳුම්පත් කැඳවයි. අයදුම්පත් බාර දිය යුතු අවසන් දිනය ලෙස 2020 පෙබරවාරි මස 15 දිනය ලෙස සඳහන් කර තිබෙනවා.

“ගෝඨාභය රට හදන ‘සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව ”දිළිඳු බවින් තොර ශ්‍රි ලංකාවක් බිහි කිරිම” සංකල්පය යටතේ, එක් තිරසාර හා ප්‍රධාන උපාය මාර්ගයක් වශයෙන් අඩු ආදායම්ලාභී පවුල්වල සිටින, අවම අධ්‍යාපන සුදුකම් සහිත සාමාජිකයන්ට, විධිමත් වෘත්තීය පුහුණුවක් ලබා දීමෙන් පසු රජයේ ස්ථිර රැකියාවක් ලබා දීම සඳහා සැළසුම් කර ඇති වැඩසටහනේ පළමු අදියර ආරම්භ කර තිබෙනවා.

මේ සඳහා පිහිටුවා ඇති බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුව මඟින් විධිමත් ක්‍රමවේදයකට හඳුනාගන්නා රැකියා ලාභීන්ට මාස හය (06) ක රැකියා පුහු‍ණුවක් ලබා දෙන අතර තම ප්‍රදේශවල පවතින රැකියා අවස්ථාවලට ගැලපෙන වෘත්තීය පුහුණුවක් ලබා දීම මෙහි අරමුණ වී තිබෙනවා.

මෙහි සුදුසුකම් ලෙස

  1. අ.පො.ස (සා.පෙළ) සමත්විමේ මට්ටමට වඩා පහළ අධ්‍යාපන මටිටමේ සිටින අය සඳහා ප්‍රමුඛතාවය හිමිවන බව සඳහන්
  2. අයදුම්පත් කැඳවනු ලබන අවසන් දිනට යවයස අවරුදු 18-40 ට නොවැඩි විය යුතුය
  3. සමෘද්ධී සහනාධාර ලැබිමට සුදුසු එහෙත් නොලැබෙන පවුලක රැකියා විරහිත සාමාජිකයකුවිම හෝ
  4. සමාද්ධී සහනාධාර ලැබිමට සුදුසු එහෙත් නොලැබෙන පවුලක රැකියා විරහිත සාමාජිකයකුවීම හෝ
  5. වයස්ගත‍,රෝගාතුර දෙමාපියන් හෝ ආබාධිත සාමාජිකයන් සිටින පවුලක රැකියාවක් නොමැති සාමාජිකයකු වීම
  6. අයඳුම් කරන ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු වීම

පුහුණුව සඳහා තෝරා ගැනිම

  1. එක් පවුලකින් ඉහත අංක 1 හි සඳහන් සුදුකම් සපුරා ඇති එක් ඉල්ලුම්කරුවෙකු ගැන පමණක් සලකා බලනු ලැබේ.
  2. අයඳුම්කරුවන් පදිංචි ගම් ආශ්‍රිත ප්‍රදේශවල පවතින රැකියා අවස්ථා සහ අයඳුම්කරුවන් ඉල්ලා ඇති පුහුණු ක්ෂේත්‍ර සියල්ලම සැලකිල්ලට ගෙන අදාළ
    වෘත්තීය පුහුණුව තීරණය කරනු ලැබේ.
  3. තමා පදිංචි ප්‍ර දේශ තුළ හෝ ආසන්න ප්‍ර දේශවල ඇති පුහුණු මධ්‍යස්ථානවල දී මෙම පුහුණු සිදු කරනු ලැබේ
  4. සාර්ථක පුහුණුවකින් පසු පදංචි ප්‍ර දේ‍්ශයේ හෝ ආසන්න ප්‍ර දේශවල රැකියාවල නිරත කරනු ලැබේ.

වැටුප් හා දිමනා

මාස හය(06) ක අඛණ්ඩ පුහුණු කාලය තුළ මසකට රුපියල් 22500ක දිමනාවක් ගෙවනු ලබන බවද සඳහන්. සාර්ථක පුහුණුවිමකින් පසුව තමාට ලැබෙන ක්ෂේත්‍රයට අදාළව, තමාගේ ස්ථිර පදිංචි ප්‍රාද්ශය තුළ රජයේ අනුමත ප්‍රාථමික ශිල්පීය නොවන (PL 1) රජයේ ස්ථීර තනතුරකට පත්විමට පුහුණුලාභින්ට අවස්ථා ලැබේ.

වසර 10ක සතුටුදායක අඛණ්ඩ සේවා කාලයක් සපුරාලිමෙන් පසුව රජයේ විශ්‍රාම වැටුප් හිමිකම ලැබේ.

ක්ෂේත්‍ර 25ක් ඔස්සේ පුහුණුවිම් ලබා දෙන අතර අදාළ ප්‍ර දේශය ලේකම් කාර්යාලයෙන් අදාළ අයඳුපතක් ලබා ගත හැකි අතර,සම්පුර්ණ කරන ලද අයඳුම්පත 2020 ජනවාරි 15 දින හෝ ඊට පෙර ඔබ පදිංචි ග්‍රාම සේවා වසමේ ග්‍රාම නිලධාරි වෙත භාර දිය යුතු වේ.

රැකියා ලක්ෂයක් ලබා දීමේ වැඩසටහනේ පළමු අදියර by Rivira Media on Scribd

Rivira FB Group Rivira Youtube
To Top